
විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසයකට එළඹුණේ අරමුණු 04ක් ජය ගැනීම පිණිස බවත් ඉන් 3 1/2ක්ම ජය ගැනීමට ඔහු සමත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසය අත්හැරීමෙන් පසු ඊයේ (10) සවස 07:30ට පමණ බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති සුවිශේෂ මාධ්‍ය හමුවේදීය.
පළමු අරමුණ වූ ශී‍්‍ර ලාංකීය සමාජයේ හා දේශපාලන කේෂ්ත‍්‍රයේ පවා නිසි අවධානයට ලක් නොවී ඉදිරියට ගිය රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයට රැුගෙන යෑමේ භයානක කි‍්‍රයාවලිය පිළිබඳ සමාජය තුළ ගැඹුරු අවධානය යොමු කිරීම, මෙහිදී සාර්ථකව ජය ගෙන ඇති බව සමරවීර මහතා පවසයි.
එසේම අධිරාජ්‍යවාදී රටවල අතකොළු ලෙස කි‍්‍රයාත්මක වන එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධානවල බලපෑමට එරෙහිව මහජන මතයක් ඇති කිරීම යන දෙවන අරමුණ ද සාර්ථකව ජය ගත් බවද ජානිපෙ ජාතික සංවිධාකවරයා පෙන්වා දෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් විසින් එහි අරමුණු හා ප‍්‍රතිපත්තිවලට පටහැනිව අත්තනෝමතික ලෙස පත් කළ මෙම කමිටුව පිළිබඳ ආරක්ෂක මණ්ඩලයේ ප‍්‍රගතිශීලී සාමාජික රටවල් දැනුවත් කිරීම සහ කමිටුව අහෝසි කිරීමට ඔවුන්ගේ සහයෝගය ලබා ගැනීම තෙවැනි අරමුණු වූ බවත් එයද සාර්ථක අන්දමින් ජයගෙන ඇති බවත් ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම විශේෂ උපදේශක කමිටුව විසුරුවා හැරීම සහ එම කමිටුව මඟින් රණවිරුවන් යුද අධිකරණයට කැඳවන කි‍්‍රයාවලියක් සිදු නොවන බව සහතික කර ගැනීම යන හතරවැනි අරමුණෙන් විශේෂ උපදේශක කමිටුව විසුරුවා හැරීම පමණක් ඉටු කර ගත නොහැකි වූ බවද ජයන්ත සමරවීර මහතා සඳහන් කරයි.
එහෙත් රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණයකට කැඳවන කි‍්‍රයාවලියක් සිදු නොවන බවට සහතිකයක් මාරාන්තික උපවාසය අතරතුර ජනාධිපතිතුමා සමඟ පැමිණි එකඟතා මගින් ලැබී ඇති නිසා එම අරමුණද ජය ගෙන ඇති බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
එහිදී ජයන්ත සමරවීර මහතා මෙසේද අදහස් දක්වනු ලැබීය.
’’එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා විසින් ශී‍්‍ර ලංකාවට එරෙහිව අත්තනෝමතිකව පත් කරන ලද එක්සත් ජාතීන්ගේ අරමුණු හා ප‍්‍රතිපත්තිවලට අනුකූල නොවන විශේෂ උපදේශ කමිටුවට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ විසින් ආරම්භ කරන ලද ජාතික විරෝධතා ව්‍යාපාරයේ අවසන් අදියර වුණේ අපගේ පක්ෂයේ නායක විමල් වීරවංශ මහතා විසින් සිදු කළ මාරාන්තික උපවාසයයි. ඒ මාරාන්තික උපවාසය අවසන් කිරීම පිළිබඳවත් ඒ තුළින් රටටත්, ජනතාවටත් දිනා දුන් ජයග‍්‍රහණ පිළිබඳවත් දැනුම් දීම සඳහා අප මේ සුවිශේෂි මාධ්‍ය හමුව සංවිධානය කරනු ලැබුවා.
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් විසින් ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනාව පිළිබඳව තමන්ට උපදෙස් ලබා ගැනීමට විශේෂ උපදේශක කමිටුවක් පත් කිරීම කොතරම් බරපතළ ද යන්න අප පක්ෂයක් ලෙස මුල සිටම ජනතාවට පෙන්වා දුන්නා. එය සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් ජාත්‍යන්තර යුද අධිකරණ දංගෙඩියට ගෙන යන කුමන්ත‍්‍රණයක මුල් පියවර බව අප ජනතාවට අවධාරණය කළා. එනමුත් එය සමාජය තුළ දැඩි ලෙස තහවුරු කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ නමුත් මෙම විශේෂ උපදේශක කමිටුව කෙසේ හෝ අහෝසි කළ යුතුව තිබුණා. මෙවැනි ප‍්‍රබල අධිරාජ්‍යවාදී බලපෑම් ආරම්භක අවදියේම පරාජයට පත් නොකිරීම නිසා ලොව රටවල් ගණනාවක් මහා විනාශකාරී අත්දැකීම් ලැබූ බව ඔබ දන්නවා.
හිටපු යුගෝස්ලාවියානු ජනාධිපති ස්ලොබොදාන් මිලොසෙවික්ට ජාත්‍යන්තර යුද අධිකරණයට යන්න වුණේ ඒ නිසයි. ඒ වගේම ඉරාකයේ රසායන අවි ඇති බවට චෝදනා කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෙන ගිය කි‍්‍රයාදාමය අවසන් වුණේ එම රටත් එහි නායකයාත් විනාශයට පත් කරමින්. නමුත් රසායන අවි චෝදනාවෙන් ඉරාකය නිදහස් වුණා. එවැනි උදාහරණ ගණනාවක් තිබුණා. ඒ නිසා බිඳකුදු පමා නොවී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළ යුතුව තිබුණා. අප පළමුව අඛණ්ඩ උපවාසයකට එළඹුණා. ඒ අතරතුර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් යහපත් ප‍්‍රතිචාරයක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළා. එහෙත් එය ඉටු නොවුණු තැන අප පක්ෂයේ නායක විමල් වීරවංශ මහතාට මාරාන්තික උපවාසයකට එළඹීමට සිදු වුණා.
පැය 56ක් මාරාන්තික උපවාසයේ
මාරාන්තික උපවාසයට වාඩි වන අයකු මුල් අවස්ථාවේදී ආහාර ගැනීමෙන් පමණයි වැළකී සිටින්නේ. නමුත් විමල් වීරවංශ මහතා පළමු තත්පරේ පටන්ම ජලය හෝ වෙනත් බීම වර්ග පානයෙන්ද වැළකී සිටියා. එසේ කළේ මෙම විශේෂ උපදේශක කමිටුවක් පත් කිරීමේ කි‍්‍රයාවේ ඇති බැරූරුම්කම නිසයි. ආහාර හා ජලය නොමැතිව පැය 48කට වැඩි කාලයක් ගත කිරීම මිනිසකුගේ ජීවිතයට දැවැන්ත අවදානමක් ගෙන එනවා. නමුත් විමල් වීරවංශ මහතා ඒ දැඩි ජීවිත අවදානම මැද්දේ පැය 56කට වැඩි කාලයක් මාරාන්තික උපවාසයේ නිරතව සිටියා. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් බරපතළ වුණා. වෛද්‍යවරුන් ඔහු රෝහල්ගත කිරීමට දැඩිව උපදෙස් දුන්නා. ඒත් ඔහු එකඟ වුයේ නැහැ.
අප විමල් වීරවංශ මහතා මාරාන්තික උපවාසයේ යෙදී සිටිය කාලය තුළ බෑන් කී මූන්ගේ ඉහත කී විශේෂ උපදේශක කමිටුව පිළිබඳව තානාපති අංශ දැනුවත් කළා. එහි එක් පියවරක් ලෙස තමයි ශී‍්‍ර ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් සමඟ සාකච්ඡුා කළේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකත්වය දරන රුසියාවෙන් අප ඉල්ලා සිටියා, සංවිධානයේ අරමුණු හා ප‍්‍රතිපත්තිවලට අනුකූල නොවන ලෙස පත් කළ මේ කමිටුව අහෝසි කරන්න දායක වෙන්න කියලා. ඔවුන් අපට කියා සිටියා රුසියානු රජය සමඟ සාකච්ඡුා කොට ඒ පිළිබඳව ශී‍්‍ර ලංකා රජයට දැනුම් දෙන බව. එසේම ශී‍්‍ර ලංකාවට හානිකර කිසිදු පියවරක් ගැනීමට ඉඩ නොදෙන බවත්, එවැනි කි‍්‍රයා නිෂේධ බලය යොදා නවතන බවත් රුසියානු රජය වෙනුවෙන් ඔවුන් අපට සහතික වුණා. එය මේ සටනේදී අප ලැබූ විශාල ජයග‍්‍රහණයක්.
ඒ වගේම අප මේ කාලය තුළ විදේශ අමාත්‍යාංශය සමඟ එක්ව මේ ජාත්‍යන්තර නීතිය පවා උල්ලංඝනය වන අයුරින් පත් කර ඇති උපදේශක කමිටුව අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට බලපෑම් කළා. නමුත්, බෑන් කී මූන් මහතා නෝර්වේ, ඇමරිකා එක්සත් ජනපදය යන රාජ්‍යයන්වල බලපෑම් මත උපදේශක කමිටුව අහෝසි කිරීමට කි‍්‍රයා කළේ නැහැ.
පැය 48 ඉක්ම ගියාට පසු විමල් වීරවංශ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය එන්න එන්නම පිරිහුණා. වෛද්‍යවරුන් අපට පැවසුවා වහාම ඔහු රෝහල් ගත කරන ලෙස. ඒ අවස්ථාවේදී ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් ජනාධිපතිතුමා සමඟ ද මේ පිළිබඳ සාකච්ඡුා කිරීමට අවස්ථාවක් ලබා ගත්තා. එහිදී ජනාධිපතිතුමා ඔහු වෙනුවෙන් මේ ගැන සාකච්ඡුා කිරීමට සුසිල් පේ‍්‍රම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම හා අනුර පි‍්‍රයදර්ශන යාපා යන මහත්වරුන් නම් කළා. එසේ පැවැති තීරණාත්මක සාකච්ඡුාවේදී පහත සඳහන් එකඟතාවන්ට පැමිණියා.
ජනපති සමඟ එකඟතාවක්
පළමුවැන්න ලෙස බෙදුම්වාදී කොටි ත‍්‍රස්තවාදය පැරදවීමට පෙරමුණ ගත් රණවිරුවන් කිසිදු ලෙසකින් ජාත්‍යන්තර යුද අධිකරණයකට රැුගෙන යාමට ඉඩ තබන්නේ නැති බවට රජය සහතික වුණා.
දෙවැන්න, මෙම විශේෂ උපදේශක කමිටුවට කිසිදු ආකාරයෙන් පහසුකම් සැපයීමක් හෝ කිසිදු ආකාරයක සහයෝගයක් ලබා දීමක් සිදු නොකරන බවට ලබා දුන් සහතිකයයි.
තෙවැන්න, ජී.එස්.පී. ප්ලස් සහනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය සහන ආදී කිසිදු ජාත්‍යන්තර බලපෑමක් හමුවේ වුවත් දෙවැනි එකඟතාව අනුව කටයුතු කරන බවට ඇති වූ එකඟතාවයයි.
ඒ වගේම, අපි ඉල්ලා සිටියා මෙම කමිටුව අහෝසි කිරීමට අවශ්‍ය ඉදිරි කි‍්‍රයාමාර්ග සකස් කර ගැනීමට දේශපේ‍්‍රමී විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලෙසට, ඔවුන් එම ඉල්ලීමටද එකඟ වුණා.
ඉහත කී ජනාධිපතිතුමා ලබා දුන් එකඟතාව මත තමයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩලය තීරණය කළේ මාරාන්තික උපවාසය අත්හැරීමට. ඒ විතරක් නොවෙයි, මේ එකඟතා ඉටු කරන බවට සහතිකයක් ලබා දීම සංකේතවත් කරමින් උපවාස භූමියට පැමිණ මාරාන්තික උපවාසයේ යෙදී සිටි විමල් වීරවංශ මහතාට ජනාධිපතිතුමන් සංඝරත්තනයේ ආශිර්වාදය මැද වතුර වීදුරුවක් ලබා දෙන බවටද දෙපාර්ශවය එකඟ වුණා.
දෙපාර්ශ්වය අතර ඇති වූ සාකච්ඡුාව ඉහත කී එකඟතා මත අවසන් වන විට ජනාධිපතිතුමන් සිටියේ කලින් යොදාගත් මහනුවර පැවැති උත්සවයකට සහභාගි වෙමින්. ඒ අනුව ජනාධිපතිතුමන් උපවාස භූමියට පැමිණෙන තුරු විශේෂ වෛද්‍ය ප‍්‍රතිකාර සහිතව විමල් වීරවංශ මහතා උපවාස භූමියේ රඳවා ගැනීමට වෛද්‍යවරු එකඟ වුණා.
පක්ෂ සාමාජිකයන්, විද්වතුන්, කලාකරුවන්, ඇතුළු බොහෝ පිරිසකගේ ප‍්‍රබල ඉල්ලීම මත ජනාධිපතිතුමන්ගේ පැමිණීම තෙක් විමල් වීරවංශ මහතා උපවාස භූමියේ රඳවා ගැනීමට දේශපාලන මණ්ඩලය එකඟ වුණා. ජනාධිපතිතුමන් පැමිණි විගසම ඒ අනුව මාරාන්තික උපවාසය අවසන්කර විමල් වීරවංශ මහතාගේ නැගිටවීමේ කි‍්‍රයාවලිය ඉතා කඩිනමින් සිදු කළා.
ආරක්ෂක හේතූන් මත විමල් වීරවංශ මහතාගේ ජීවිතයට ඇති අවදානම පහවෙන තෙක් හමුදා රෝහලේ රඳවා තබා ගෙන ප‍්‍රතිකාර කරන ලෙස අප ඉල්ලා සිටියා. ඒ අනුව එම රෝහල් ගත කිරීම සිදු කළා.’’
මෙම මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයන් වන එහි මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් හා සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ද සහභාගි විය.




