එක්සත් ජාතීන්ගේ විශේෂ උපදේශක කමිටුව අහෝසි කරන ලෙස ඉල්ලා ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කළ මාරාන්තික උපවාසය හේතුවෙන් බෑන් කී මූන්ගේ ශී‍්‍ර ලංකා අවතාර කලබල වී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ විමල් වීරවංශ මහතා විසින් සිදු කළ මාරාන්තික
උපවාස කි‍්‍රයාමාර්ගය හෑල්ලූවට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඊයේ (11* කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවලදී සිදු කළ අපහාසාත්මක ප‍්‍රකාශවලට පිළිතුරු දීමේ විශේෂ මාධ්‍ය හමුවේදීය.
ජාතික නිදහස් පෙරමුණ මෙම විශේෂ මාධ්‍ය හමුව අද (11* බත්තරමුල්ලේ පිහිටි තම ප‍්‍රධාන කාර්යාලයේදී පවත්වනු ලැබීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරකුමාර දිසානායක මහතා ‘‘අපි මාරාන්තික උපවාස කි‍්‍රයාමාර්ගයකට එළඹුණේ රට මුහුණ දී ඇති බැ?රුම් තත්ත්වයකින් රට මුදවා ගත්න. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ශී‍්‍ර ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ චෝදනා පිළිබඳව මෙන්ම උපදෙස් දීමට විශේෂ උපදේශක කමිටුවක් පත් කළේ නිකමට නොවෙයි. එය සේනාධිනායකයා ඇතුළු රණවිරුවන් යුද අධිකරණ දංගෙඩියට රැුගෙන යන ඉතා විනාශකාරී කි‍්‍රයාදාමයක මුල් පියවරක් බව අපි දැක තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මෙවැනි මැදිහත්වීම් මුල් පියවරේදීම නවතා නොදැමුවොත් සිදුවන්නේ බිහිසුණු තත්ත්වයක්. ඉරාකයට එල්ල වූ න්‍යෂ්ටික අවි නිපදවීම පිළිබඳ බොරු චෝදනාවට ඔවුන් මුලින් විරුද්ධ වූයේ නැහැ. අවසානයේදී කුමක්ද වුණේ? ඉරාක නායකයාත්, රටත් ඇදහිය නොහැකි තරම් විනාශයකට මුහුණ පෑවා. යුගෝස්ලාවියානු හිටපු ජනාධිපති ස්ලොබොදාන් මිලොසොවික් බොරු යුද අපරාධ චෝදනා එල්ල කොට මරා දැමුවා. අද එවැනි බැ?රුම් තත්ත්වයකට අපේ රට ඇද දාන්න තමයි මේ විශේෂ උපදේශක කමිටුව පත් කර ඇත්තේ.
මේ කමිටුව පත් කළේ ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ ගැන සොයන්න නොවෙයි, තමන්ට වෙනත් උපදෙස් ගන්න යැයි කියන්න අද බෑන් කී මූන්ට සිදු වෙලා තියෙන්නේ මේ මාරාන්තික උපවාසයේ ප‍්‍රතිඵලයක් ලෙස මිස අනෙකක් නිසා නොවෙයි.
අපි විජිත හේරත්ලාට, ගයන්ත කරුණාතිලකලාට කියන්නේ රටට දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා දුන් විමල් වීරවංශගේ මාරාන්තික උපවාසය ගැන විකට කතා කියන්න එපා. තමන් මේ විශේෂ උපදේශක කමිටුවට විරුද්ධද, නැද්ද, කියන්න. හැකි නම් ඊට එරෙහිව කටයුතු කර තමන්ගේ සුජාතභාවය පෙන්වන්න’’
මේ විශේෂ මාධ්‍ය හමුවට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධාන ජයන්ත සමරවීර, මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඞ් මුසම්මිල් යන මහත්වරුද සහභාගි වූහ.




