You are here:

මුරලි වඩාත් බැබලෙන්නේ ඔහු ජාතික සමගියේද විශිෂ්ටතම සංකේතයක් වූ නිසයි!

E-mail Print PDF

ටෙස්ට් කි‍්‍රකට් ලොව අනභිභවනීය වාර්තාවකට හිමිකම් කියමින්, කඩුලූ 800ක් දවා ගනිමින්, අද දින (22* ටෙස්ට් පිටියෙන් සමු ගන්නා ලක්මවගේ විශිෂ්ටතම පුත් රුවනක් වූ මුත්තයියා මුරලිදරන් වෙත ජාතික නිදහස් පෙරමුණ මේ මොහොතේ තම උපහාරය පුදකර සිටී.

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ අන්තර්ජාතික කි‍්‍රකට් ක්‍ෂේත‍්‍රය තුළ මේ විශිෂ්ටයා දැක්වූ දස්කම්, විස්කම්, අනභිභවනීය. ඔහු අද ටෙස්ට් පිටියෙන් සමු ගන්නේ ලොව වැඩිම ටෙස්ට් කඩුලූලාභියා ලෙස තම නම සටහන් කරමිනි.

ලෝක ක‍්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ විශිෂ්ටතම පිට ද`ග පන්දු යවන්නා ලෙස අවිවාදයෙන් හැඳින්විය හැකි මුරලිදරන් අන්තර්ජාතික තරගවලදී කඩුලූ දහසක් සම්පුර්ණ කළ ලොව පළමු ක‍්‍රීඩකයාද වන්නේය. මුත්තයියා මුරලිදරන් දැක් වූ ඉහත කී දස්කම් ලක්මව ලොව ඉහළින් ඔසවා තැබීමට දායක වූ බවද අවිවාදිතය. එබැවින් මේ මොහොතේදී මුත්තයියා මුරලිදරන් නම් වූ විශිෂ්ට ලාංකේය පුත‍්‍රයාට ජාතියේ ගෞරවය පුද කළ යුතුව තිබේ.

ඔහු අද දිනයේ වඩාත් ඉහළින් බැබලෙන්නේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී දැක් වූ දස්කම් නිසා පමණක්ම නොවේ. මේ විශිෂ්ට ක‍්‍රිඩකයා බෙදුම්වාදී ත‍්‍රස්තවාදයෙන් බැට කෑ රටක විසූ ජාතික සමගියේ විශිෂ්ටතම සංකේතයක්ද වූ නිසාය,. එසේම මෙරට සමස්ත තරුණ පරපුරටද නවක ක‍්‍රිඩකයන්ටද අනගි ආදර්ශයක් වූ ඔහු සතු නිහතමානී පෞරුෂය නිසාය.
කොළඹට පමණක් සීමා වූ ක‍්‍රීකට් කි‍්‍රඩාව පිට පළාත්වලටද ගෙන යාමට එක්තරා මොහොතකදී ක‍්‍රීකට් බලධාරීන් ගත් අගේ කළ යුතු තීරණය හේතුවෙන් ක‍්‍රිකට් ලොව අප ඉදිරියේ දණ ගැස් වූ මුත්තයියා මුරලිදරන් ලා, සනත් ජයසූරිය ලා බිහි වූ බවද මේ මොහොතේ සිහිපත් කළ යුතුව ඇත.

මේ විශිෂ්ට ශ‍්‍රී ලාංකික පුත‍්‍රයා ටෙස්ට් පිටියෙන් සමුන්නා මේ මොහොතේදී රට හමුවේ අවධානයට ලක්කළ යුතු සුවිශේෂී කරුණක් තිබේ. ඒ තවත් මුරලිදරන්ලා බිහිකළ හැකි විභවයක් අප ජාතිය සතුව ඇති බවය. කාගේත් අවධානයට ලක් නොවී. දකුණේ පමණක් නොව, විශේෂයෙන් උතුරු නැෙ`ගනහිර ද ‘‘පුංචි මුරලිදරන්ලා’’ සැ`ගවී සිටිය හැක. එවන් ස`ගවුණුු දක්ෂතා සහිත ‘‘පුංචි මුරලිදරන්ලා’’ ජාතික ක‍්‍රීකට් පිටියට හඳුන්වා දීම, අප ජාතියක් ලෙස මුත්තයියා මුරලිදරන් නම් වූ මේ විශිෂ්ට ශ‍්‍රී ලාංකික පුත‍්‍රයාට පිදනු ලබන ඉහළම උපහාරයයි.

විමල් වීරවංශ,
නායක,
ජාතික නිදහස් පෙරමුණ,
ඉදිකිරිම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය,
2010.07.22