ජාත්‍යන්තර කියුබානු සහයෝගීතා දිනය සැමරේ
ජාත්‍යන්තර කියුබානු සහයෝගීතා දිනය සැමරීම පිණිස කියුබාවට සහයෝගය දක්වන ශී‍්‍ර ලංකාවේ දේශපාලන පක්‍ෂ හා සංවිධාන රැුසක් අද (26* කොළඹ ලිප්ටන් වටරවුමේදී උදඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළහ.
අධිරාජ්‍යවාදීන් කියුබාවට කෙනෙහිලිකම් සිදුකිරීම නවතන ලෙසත් ඇමරිකා එක්සත් ජනපද අත්අඩංගුවේ පසුවන කියුබානු දේශපේ‍්‍රමීන් 5 දෙනා නිදහස් කරන ලෙසත් බල කරමින් මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්විණි.
මෙහිදී ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි පරිපාලන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල ජාගොඩ, මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මොහොමඞ් මුසම්මිල් ඇතුළු පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.
ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය නියෝජනය කරමින් අමාත්‍ය තිස්ස විතාරණ ඇතුළු පිරිසක්ද ජනතා විමුක්ති පෙරමුණ නියෝ්ජනය කරමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් ඇතුළු පිරිසක් ද මෙම උද්ඝෝෂණයට සහභාගී වූහ.






